Tuesday, August 9, 2016

කොමස්කාරයා

තුම්මුල්ලේන් 138 ට ගොඩ වූ මට ඉඳගැනීමට සීට් එකක් ලැබීම් නිම්හිම් නැති සතුටක් විය.මගේ එහා පැත්තේ අඩි හයේ හතරේ උසස් පෙල පන්තියක කොල්ලෙකි.ඔහු පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටියේ ය.එහෙත් එය පැවසීමට තරම් අරුමයක් නොවන්නේ ය.

බස් එකේ විද්‍යා විශයන් හදාරන ඒ ලෙවෙල් කොල්ලෙක් ටියුශන් පන්තියක පොතක් බැලීම සාමාන්‍ය ය.කලා විශයන් හදාරණ එකෙක් බස් එකේ කෝච්චියේ නව කතාවක් ,කෙටි කතාවක් කියවීම ඊටත් වඩා සාමාන්‍ය ය මම ද ඔහු මේ තරම් ඕනෑකමින් බලන පොත කුමක් දැයි දැන ගැනීමට රබර් ඇහැක් දැම්මෙමි.මට හීන් දාඩිය දෑමට පටන් ගත් අතර තරු විසිවුනි.ඔහු මේ තරම් වුවමනාවෙන් බලන්නේ උසස්පෙල ආර්ථික විද්‍යාව පොතකි.සැනෙකින් ඔහුද අපේ එකෙක් යැයි සතුටක් මා තුල උපන්නේ ය.කොමස්කාරයෙක් බස් එකේ පාඩම් කිරීම මාගේ සතුටට හේතුවකි.මම එවැනි දසුනක් මින් පෙර දැක නැත.ටික වෙලාවකින් පොඩි එකා ඔලුව කඩාගෙන හොඳටම නිදිය.පව් අසරණයා..ඒ ලෙවෙල් වලට තව ඇත්තේ අතේ පයේ ඇගිලි ගානට දින ය.

බස් රථය නුගේගොඩට කිට්ටු විය.පොඩි එකා නැගිට්ටේය.කොණ්ඩය අතින් අවුල් කර අතින්ම හදා ගත්තේ ය.කමීසයේ කොලර් එක හා කමීසයේ අත නිසි ආකාරව සකසා ගෙන නැවත වරක් හරිබරි ගැසී වාඩි විය.මොකක් හෝ ඉස්සරහ හෝල්ට් එකේ දිම සිදු වේ යැයි නිකමට මෙන් මට සිතෙයි.

මට හිතුණු හැටි හරිය.නුගේගොඩ බාලිකාවකින් කෙල්ලෝ බස් එකට නගිත්.පොඩි එකාගේ කලබලකාරී ගතිය දැන් නම් හරි වැඩිය.

"කෝ නංගි බෑග් එක දෙන්න"
"නෑ..අයියේ කමක් නැ...ඒ තරම් පොත් නෑ"
"ඒ තරම් පොත් නෑ කියන්නේ ඒ ලෙවෙල් ද කරන්නේ"
"ඔව් අයියේ..."
"මොනවද කරන්නේ..කොමස් වෙන්න නම් බෑ..."
"ඔව් අයියේ ආර්ට්ස් කරන්නේ"
"ආ...මට හිතුණා...ඉකෝන් කරනවා නේද?"
"ඔව් අයියේ..."
"ඉකෝන් හරි ලේසි සබ්ජෙක් එකක් නේ..."
"අනේ නෑ අයියේ..."
"ඒ මොකද ඒ...ඒක හරි ලේසි නේ ..මට ඉකෝන් ගේමක් නෑ..නංගිට ඕන නම් කියලා දෙන්නම් "

නංගී කිසිත් නොකියා සිනාවුණි.

"මේ මගේ ෆෝන් නම්බර් එක සේව් කරගන්න..ඕන ප්‍රශ්නයක් අහන්න..ඉකෝන් කියලා දෙන්නම් මම"
"ෆෝන් එකක් නෑ අයියේ.."
"ෆෝන් එකක් නැද්ද..?එහෙනම් ගොඩක් හොඳයි නේ"

නංගී අයේත් බිම බලා සිනාසුනි.ආවස්ථික පිරිවැය හා තේරිම් වල ස්වභාවය  දන්නා මල්ලී ද අත හරින ජාතියේ එකෙක් නොවෙන වග ය.

"ලෑන්ඩ් ෆෝන් නම්බර් එක දෙන්න එහෙනම්"
"අනේ බෑ අයියේ..."
"අයියෝ මොකටද බය වෙන්නේ ඉගෙන ගන්න දෙයකට නේ...වෙන මොකටවත් නෙවී..."
"අම්මා ඉන්නවා ගෙදර අයියේ.."
"හ්ම්ම්...ඒක හොඳයි...අම්මා ජොබ් එකක් කරන්නේ නැද්ද එතකොට"
"නෑ..."
"නම්බර් එක දෙන්න...ඉකෝන් වලට කොහොම හරි A එකක් අරන් දෙන්නම්...ඔහොම බය වෙලා පුලුවන් ද "

නංගී බිම් බලාගත්තාය.

"තනියම ද දැන් බස් එකෙන් බැහැලා යන්නේ..තාත්තා එනවද"
"නෑ..අයියේ..තාත්තා ඔෆිස් මේ වෙලාවට.."
"තාත්තා කොහෙද වැඩ කරන්නේ නංගී"
"....බැංකුවේ අයියේ"
"ආ ...හොඳයි නේ ...ලෑන්ඩ් ෆෝන් නම්බර් එක දෙන්නකෝ"
"අනේ..අනේ බෑ අයියා..එහෙනම් ඔන්න මගේ මොබයිල් නම්බර් එක.කෝල් නම් ගන්න එපා අයියා"
"හරි..හරි...කෝල් ගන්නේ නෑ..ඉකෝන් ප්‍රශ්නයක් තිබුනොත් අහන්න හොඳේ"
"ඊලග හෝල්ට් එකේ බහිනවා අයියා..තැන්ක්ස් බෑග් එක "
"එනිටයිම්...හෝල්ට් එක ලඟමද ගෙදර"
"නෑ..එතන හරස් පාරේ"
"අහ්..හරි...හෙට ඉස්කෝලේ යනවද"
"ඔව්...අනේ කෝල් නම් ගන්න එපා අයියා.."
"හරි..හරි කෝල් ගන්නේ නෑ"

නංගී බස් එකෙන් බැස්සාය.කතාව ඉවර වුනේ ද, පටන් ගත්තේ ද, පරණ කතාවක දිගුවක් දැයි ද මම දන්නේ නැත.රාජකීය වහු පැටියා හැරුනේ පොල් පැලේ කෑමට බව නම් රහසක් නැත.කෙසේ වෙතත් ඒ මල්ලී
දක්ශයා ය.ඔටුන්න හිමි විය යුතු රාජකීය මට්ටමේ ම එකෙකි.ඔතනින් වැට පැන එහා වත්තේ අවුරුදු හතරක් හෝ ඊට වැඩියෙන් හිටියත් ඔය තරම් දැනුම් තේරුම් සහිතව ඔහොම දෙයක් කරගැනීමට අපේ කට්ටියට ද ඒ තරම් හැකියාවක් නැත.ඒ තරම් කෙටි කාලෙකින් ඔහු ඇගේ සියලු විස්තර දැනගත් අයුරු මට නම් ඇඳහීමට් වටියි.කාලය නම් වූ හිඟ සම්පත මැනවින් උපයෝජනය කල ඔහු නම් ශදුඅත විශ්ලේෂණය මැනවින් ප්‍රගුණ කල  දක්ශ රිස්ක් ටේකර් කලමණාකරුවෙකු ම ය.
-විශ්වා-

No comments:

Post a Comment