ආලවන්ත හිත පොපියන
සරා සදේ මේ අහන්න
අහස උසට මැදුරු උඩින්
සුකුරුත්තන් තරු ගනින්න
හන්තානෙන් බැහැලා ඇවිත්
කොළඹ පොලවේ පයගහන්න
හද පුදසුන ලග නලියන
සරා සදේ මේ අහන්න
නුබේ එලිය නිවා දමා
විදුලි පහන් ආලෝකෙන්
රටා මවපු මහ පාරේ
රථ පෙරහැර මගෑරලා
කහ ඉර පැන මුවාවෙලා
චතුරස්‍රෙටවත් වඩින්න
රස සරසවි සුව විදින්න
සද සාවිගේ කතන්දරේ
සරා සදේ මේ අහන්න
ගන්ගාරාමෙදී හවසක
උණු කදුළැලි අපෙ පිහින්න
හන්තානෙන් බැහැලා ඇවිත්
ගිනියම් කොලඹත් සිඹින්න...
..විශ්වා
මම කවියෙක් නෙවෙයි.නමුත් සරසවි ගැන කතා කරද්දී හන්තාන කියන සංකල්පයට ඉඩ දුන්න ඇති නේද? මං කියන්නේ කවිය තුලට හන්තාන ඔබ්බවන්නැතුව ඉන්න එක විශ්වා.
ReplyDeletehmm..eka nam aththa tama...eka den epa wela...hanthanata vitharak handa payana kale den iwarani...campus ekakata enna beri unu aya sehenna issarahata yana kalayak mekath
Delete