Tuesday, August 9, 2016

කතාවක් ඉවරයි

මල් වඩම් නැති,සුදු කොඩිත් නැති
සුද ඇදන් මම එහේ ගියේ නැති,
ගුණ කතාවක් කරන්නට බැරි,
මල ගමක් ඇත මගේ හිතමත
දැනුත් චිතකෙට ගිනි තියා...

ඇතුව ඇද කුද හුස්ම ඇද ඇද
ගිලන් වී සිටි අපේ ප්‍රේමය
අනේ කාටත් නොකිව්වට මම
කේන්දර කොටු අතර හිර වී
ඊයේ දහවල් මියදුණා...

ලේ නහර වැල් යමුනා ගඟ ලග,
මගේ හදවත සොහොන් ගැබ තුල,
ටජ් මහල් හදවන්න බෑ මට,
නුබ ඇවිත් හොල්මන් කරනකොට
ඒත් එහෙමත් නැතුව බෑ මට...

...විශ්වා...

No comments:

Post a Comment