Tuesday, August 9, 2016

කණ්නාඩි කූට්ටම

විවිධාකාරයේ කූට්ටම් ඇත.කුට්ටම් පොකුණට නම් වරදක් කියන්නටම බැරිය.සපත්තු කූට්ටම,කන්ණාඩි කූට්ටම යන කූට්ටම් අතරින් කණ්නාඩි කූට්ටම යනු ඇණයකි.කණ්නාඩි දාන වුන්ගේ දුක දන්නේ තවත් කණ්නාඩි දාන එකෙක් ම ය.ඒ දුක ඉවසා ගත නොහැකි තැන දුක කැටි කොට මෙසේ ලියමි

1. අම්මා විසින්
මගුල් ගෙදරක ගියත් බත් පිගානට වැඩියෙන් කොල මැල්ලුම් බෙදා තිබීම.
2.කන්ණාඩි දෙක ගැන කතා කරන හැම කෙනාට කන්ණාඩි දෑමට පටන් ගත් වසර කීමට සිදු වීම.
3.කන්ණාඩි නිතර පැලද සිටීමට දොස්තර අනුමත කලත් මග තොටදී හමුවන ලෝකල් දොස්තරවරු එසේ නොකරන ලෙස අවවාද කිරීම.
4.ඇස් චෙක් කිරිමට දොස්තර ලගට ගිය විට මොකද්දෝ යන්ත්‍රයක් ඇතුලට මුහුණ ඔබා විවිධ ප්‍රශ්න ඇසීම.
5.ඇස් දොස්තර නෝන්ඩියට අකුරු කියවීමට නොදී එක එක සතුන්ගේ රූප පේනේදැයි ඇසීම.
6.දොස්තර " ඈත බලන්න" කියන සෑම විටම දොස්තරගේ මුහුණ දෙස බැලීමට සිතීම.
7.දොස්තර අපි කැම්පස් බව දැනගත්තොත් " කැම්පස් ලමයි කරන්නේම පිස්සු වැඩ බවත්,  හොද කොල්ලෙක් පෙනීමට කන්ණාඩි පලදීන්නේදැයි අසා දෙමාපියන් ඉදිරියේ දී ම වාචික හින්සනට ලක් කිරීම.
8.අමතක වී කන්ණාඩි කූට්ටම පැලදම මුහුණ සේදීම.
9.කණ්නාඩි කූට්ටම පැලද ගෙන නින්ද ගොස් එය චක බ්ලාස්ට් වී යෑම.
10.කණ්නාඩි කූට්ටම ගැලැවුවොත් එය තැබූ තැන අමතක වී මෙලෝ සිහියක් නැතැයි,ඒක මතක නෑ කියන්නේ පාඩම් කරන දෙයක් වත් මතක නැතුව ඇති යැයි අම්මාගෙන් නිතර බැනුම් ඇසීමට සිදු වීම.
11.හොදින් පාඩමට සවන් දී සිටියත් කන්ණාඩි පැලද නිදා සිටියේ යැයි ගුරුවරු හිටි හැටියේ අමානුශික බරපතල හා විරල ගණයේ ප්‍රශ්න ඇසීම.
12.කණ්නාඩි පැලදීම නිසා නොමිලේ ලැබෙන දාර්ශනික පෙනුම නිසා දක්ශ සිසුවන් ලෙස සිතා කොර වෙන ප්‍රශ්න ගුරුවරුන් විසින් ඇසීම.

No comments:

Post a Comment